උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි

උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ප‍්‍රබෝධයක්. ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ පානයක් ලබා ගැනීමෙන් ඔබට වාසිදායක ප‍්‍රතිඵල රැසක්ම හිමිවන බව නම් කිව යුතුමයි. එහෙනම් අපි බලමු අ වාසි මොනවද කියල. සම්පුර්ණ ලිපිය කියවන්න.

* ආහාර දිරවීම පහසු කරවයි

මඳ රස්නෙ ජලයත් ඔබේ ආහාර දිරවීමට උපකාර වන අතරම දෙහි යුෂවලටත් ආමාශය පිරිසුදු කරමින් ආහාර දිරවීම පහසු කිරීමේ විශේෂ ගුණයක් පවතියි. දෙහිවල අඩංගු අම්ල ගුණය නිසා ආහාර දිරවීම මෙන්ම ඒවා බැහැර කරවීමද පහසු කරයි.

* සිරුරේ ප‍්‍රතිශක්තිකරණයට උපකාරි වෙයි

පැගිරි සහිත පලතුරක් වන දෙහිවල විටමින් A අන්තර්ගතයි. එය සිරුර අභ්‍යන්තරයේ අම්ල සමග ප‍්‍රතික‍්‍රියා කරමින් ප‍්‍රතිශක්තිකරණය ලබා දෙයි.

* විස නැසීමේ ගුණය

දෙහි යුෂ පානය මුත‍්‍රා පිටවීම පහසු කරවන ඖෂධීය පානයක්. ශරීරයේ ඇති විස ද‍්‍රව්‍ය සෝදා හැරීමේ විශේෂ ගුණයක්ද මෙය සතුයි. මෙහි අඩංගු සිට්රික් අම්ලය මගින් එන්සයිම වර්ධනය කර අක්මාවේ උත්තේජනයක් ඇති කරවයි.

* ශක්තිය ලබා දෙයි

කෝපි පානයෙන් ඇගට ප‍්‍රබෝධයක් ගෙන දෙන බව බොහෝ දෙනා දන්නා මතයක්. එවැනි ප‍්‍රබෝධයක් දෙහි යුෂ පානයෙන්ද ලබා ගත හැකියි. ජලය සමග දෙහි යුෂ මිශ‍්‍ර වී සාදන දියරයෙන් රුධිර සංසරණයටද උත්තේජනයක් ලබාදීම මෙයට හේතුවයි.

* සම පැහැපත් කරයි

නිදන්ගත විජලන රෝග තත්ත්ව නිසා ඔබේ සම අඳුරු පැහැ ගැන්විය හැකියි. නමුත් දෙහි යුෂ පානයකින් දවස ආරම්භ කරන ඔබට නම් මෙය ගැටලූවක් නොවේවි. එහි අඩංගු විටමින් ඛ් ඔබේ සම නිරෝගීමත් කිරීමට උපකාරි වන බවත් කිව යුතුමයි.

Share this

Related Posts

Previous
Next Post »