කොලොස්ටරෝල් ඉවත් කරන බලගතුම ස්වාභාවික ඔසු 6ක් - ඔබේ නිවසේ කුස්සියෙන්ම සොයාගත හැකියි

අපගේ ශරීරයේ රුධිරය ගෙන යන රුධිර නාලවල අනවශ්‍ය ලෙස මේද කොටස් තැන්පත් වීම නිසා රුධිර ගමනාගමනය අවහිර වීම ගැනයි අපි අද කතා කරන්නේ. මේ ආකාරයෙන් රුධිර වාහිනී අවහිර වීම නිසා ශරීරයේ සමහර අවයව වලට නිසි පරිදි ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යනවා. සම්පුර්ණ ලිපිය කියවන්න…

එහි ප‍්‍රතිඵලයක් ලෙස එම අවයවවල ක‍්‍රියාකාරීත්වය අඩපණ වෙනවා.

මේක දරුණු තත්වයක්. ඒ වගේම මේකට හේතුව මොකක්ද කියලා තවමත් හරියටම අනාවරණය කරගෙන නැහැ. කොහොම උනත් විශේෂඥයන් විස්වාස කරන්නේ රුධිර නාල වල අභ්‍යන්තර ස්තරයට සිදුවන හානියක් හෝ තුවාලයක් සමග තමයි මේක ආරම්භ වෙන්නේ කියල.

අධික දුම් පානය, අධික තෙල් සහිත ආහාර ගැනීම, ශාරීරික ව්‍යායාම අඩුකම, ස්ථුලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් යනාදී තත්වයන් මේ තත්වය තවදුරටත් නරක අතට හරවනවා. ආතරයිටීස්, දද වගේ දේවල් නිසාත් මේ තත්වය ඇති වෙන්න පුළුවන්. මේ විදියට රුධිර නාල අවහිර වීම නිසා කිරීටක ධමනියේ ආබාධ, ශ‍්‍රීර්ෂපෝෂී ධමනියේ ආබාධ (බෙල්ලේ ඇති ප‍්‍රධාන ලේ නහරය), හෘධයාබාධ, ආඝාත වැනි දරුණු රෝගී තත්වයන් ඇතිවෙන්න පුළුවන්.

ගොඩක් වෙලාවට, මේ තත්වය ඉතාමත් දරුණු මට්ටමට පත්වෙනකන් කිසිම රෝග ලක්ෂණයක් පිටතට පෙන්වන්නේ නැහැ. මෙහි රෝග ලක්ෂණ තමයි පපුවේ වේදනාව, කෙටි හුස්ම ගැනීම, හෘද ස්පන්දනය දුර්වල වීම, කරකැවිල්ල, කෑම අරුචිය වගේ දේවල්. මේ හැරුණම විවිධාකාරයේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්. කකුල්වල වේදනාව, උන, ශරීරයේ පැත්තක් හිරිවැටීම, අතක් හෝ කකුලක් සොලවන විට ඇතිවන වේදනාව, එක ඇසක පෙනීම අඩුවීම වගේ තත්වයන් ඇතිවෙන්නෙත් මෙහි ප‍්‍රතිපලයක් විදියට.

ඉතින් අපේ සිරුරේ රුධිර නාල අවහිර වීම වර්ධනය වෙන්නේ බොහොම හිමින්. ඒ නිසා වරින් වර පරීක්ෂා කිරීම ඉතා වැදගත්. නවීන ඖෂධ සහ ස්වභාවික ප‍්‍රතිකර්ම වලින් මේ තත්වය පාලනය කරන්න පුළුවන්. අපි අද කියල දෙන්නේ රුධිර නාල අවහිරවීම පාලනය කරන ස්වභාවික ප‍්‍රතිකාර කිහිපයක් ගැන

1. සුදු ළූණු

සුදු ළූණු කියන්නේ රුධිර නාල අවහිර වීම වැලැක්වීමට කියාපු බෙහෙතක්. ඒවා රුධිර නාල පුළුල් කර රුධිර සංසරණය ක‍්‍රමවත් කිරීමට මහගු දායකත්වයක් සපයනවා. සුදු ළූණු බික් තුනක් කිරි වීදුරුවකට දාලා උණු කරල නිවෙන්න තියල නින්දට යන්න කලින් බොන්න. මේක දිනපතාම කරන්න. මේ හැරුනම දිනපතා ඔයාගේ ආහාරයට සුදු ළූණු එකතු කරගන්න එක ඉතා හොදයි.

02. වියළි කහ

අවහිර වුනු රුධිර නාලිකා පිරිසිදු කරන තවත් වැදගත් කුළුබඩු වර්ගයක් තමයි කහ කියන්නේ.උණුසුම් කිරි වීදුරුවකට කහ තේ හැන්දක් සහ මී පැණි පොඞ්ඩක් එකතු කරල දවසට දෙපාරක් බොන්න. ඊට අමතරව දිනපතා ඔයාගේ ආහාරයට කහ එකතු කරගන්න.

03. ලෙමන්

ලෙමන් වල අඩංගු විටමින් ක්‍ නිසා රුධිර පීඩනය නිසි ලෙස පවත්වාගෙන යන්නත් රුධිර වාහිනී වල ආසාදනයන් ඇතිවීම අවම කරගන්නත් පුළුවන්. ඒ වගේම ලෙමන් වලට රුධිරයේ ඇති කොලොස්ටෝරෝල් ප‍්‍රමානය අවම කරන්නත් ධමනි පිරිසුදු කර රුධිර සන්සරණය ක‍්‍රමවත් කරන්නත් පුළුවන්. ගම්මිරිස් සහ මී පැණි ලෙමන් වීදුරුවකට එක් කර දිනකට වරක් හෝ දෙවරක් සති කිහිපයක් පානය කරන්න.

ඔයාට අවශ්‍යනම් ලෙමන් ලෙලි ටිකක් අරගෙන වතුර කෝප්ප හතරකට දමා විනාඩි 20ක් පමණ තම්බා ගන්න. ඉන් පසුව එම වතුර ටික පෙරාගෙන මී පැණි ටිකක් එකතු කරගන්න. මෙයින් කෝප්පයක් දවසට තුන් වරක් හෝ හතරවරක් සති කිහිපයක් යනකම් පාවිච්චි කරන්න.

04. ඉගුරු

ඉගුරු මගින් රුධිරවාහිනී වල මේද කොටස් තැන්පත්වීම අවම කරනවා වගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණයත් අවම කරනවා. ගාගත් ඉගුරු තේ හැන්දක් දාල තේ එක හදන්න. ඉගුරු ටික හොඳින් පෙගෙනකන් විනාඩි පහක් විතර තියෙන්න හරින්න. ඊට පස්සේ එක පෙරලා අරන් මී පැණි පොඞ්ඩක් එකතු කරලා බොන්න ගන්න. හිස් බඩට ඉගුරු කෑල්ලක් කන එකත් හොඳයි. නමුත් ඔයාට ගැස්ට‍්‍රයිටීස් හෝ පිත්තාශයේ ආබාධ තියෙනවා නම් ඉගුරු ප‍්‍රතිකාර ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ.

05. උළුහාල්

උළුහාල් තේ හැන්දක් වතුර වීදුරුවකට දාල පැයක් තියෙන්න හරින්න. ඊළග දවසේ උදේ මේ පෙගුණු උළුහාල් ඇට වතුර ටිකත් එක්කම ආහාරයට ගන්න. මතක තියාගන්න. මේක කරන්න  ඕන හිස්බඩට තවත් ක‍්‍රමයක් තමයි උළුහාල් තේ හැන්දක් වතුර කෝප්පයකට දාල නටන තුරු උණු කරන්න. ඊට පස්සේ වතුර ටික පෙරලා අරන් මී පැණි පොඞ්ඩක් එකතු කරලා දවසට දෙපාරක් බොන්න.

6 රතු නිවුඩු හාල්

ඇහිරුණු රුධිර නාලිකා පිරිසිදු කර හෘදයාබාධ ඇති වීමේ අවධානමෙන් ඔබව මුදවා ගැනීමේ හැකියාව රතු නිවුඩු හාල් වලට තියෙනවා. ශරීරයේ ඛෘඛ කොලොස්ටරෝල් අඩු කිරීමේ මොනොකොලින්ස් මේ වර්ගයේ සහල් වල අඩංගු වෙනවා. ඒ වගේම රතු නිවුඩු හාල් වල ඇති phytosterols, beta-sitosterol, campesterol, stigmasterol, isoflavones වැනි පෝෂණ සංගටක නිසා කොලොස්ටරෝල් නාශනය කරලා හදවතේ නිරෝගී බව පවත්වා ගෙන යන්න විශාල රුකුලක් සපයනවා.

රෝග රැසකට විසඳුම් දෙන විශ්මිත නෙල්ලි පානය නිවෙසේදීම හදමු

නෙල්ලි කියන්නේ ඖෂධීය ගුණ රැගත් ඉතාම වටිනා ශාකයක් කියලා අපි හැමොම දන්නවනේ ඉතින් මේ නෙල්ලි ශාකයේ සියලූම කොටස් විවිධ ඖෂධ නිපදවීමට අවශ්‍ය වෙනවාත්‍ව. පුරාණ කාලයේ සිටම නෙල්ලි ශාකයේ කොළ, දලූ, පොතු, ගෙඩි මෙයාකාර විවිධ ලෙඩ රෝග නැසීමට මහත් සේ උපකාරී වූ බව ඉතිහසය සාක්ෂි දරනවා. නෙල්ලි වල මේ ගුණය නිසාම අපි අද නෙල්ලි සිරප් ගෙදරදීම සාදා ගන්නේ කොහොමද කියලා බලමු.

නෙල්ලි සිරප්වල ගුණ – ශරීරයේ රක්ත පිතවාතය සමනය කිරීමට රුධිරය පිරිසුදු කිරීමට, උගුරු බැරැුණ්ඩි වීම වැළැක්වීමට, සෙම්ගෙඩි ඉවත් කිරීමට හා කැස්ස රෝගයෙන් පෙළෙන ඔබට නෙල්ලි සිරප් දිව්‍යමය ඖෂධයක්.
අවශ්‍ය අමුද‍්‍රව්‍ය
*නෙල්ලි ගෙඩි 200 ක් පමන
*අසමෝදගම් ඇට කළං 12 ක්
*කරදමුංගු කළං 2 ක්
*රන්වන් පාටට පිසගත් සීනි ස්වල්පයක්
පිළියෙල කරන ආකාරය
ඉහත ද‍්‍රව්‍ය හොඳට කොටා එයට වතුර බෝතල් 2 ක් දමා එක බෝතලයකට හින්දන්න. ඉන් පසුව සීනි පැණි කර නූලක් සේ ඇදෙන විට ඉහත හින්දවාගත් ඖෂධය එයට දමන්න. දැන් මඳගින්නේ රත්කරගෙන පිරිසුදු බෝතලයකට දමා ගන්නත්‍ව අපි දැන් නෙල්ලි සිරප් හදලා ඉවරයි. මෙය ඖෂධීය ගුණ රැගත් නෙල්ලි සිරප් එකකි.
නෙල්ලි ගුණ දෙන ලේඩ රෝග
මලපහ කිරීමේ පහසුවට, අර්ශස් රෝගයට කාන්තාවන්ගේ ඇ උණු කරවා යනවාට, මාසික ඔසප්වීමේ ඇතිවන වේදනාවන් සඳහා නෙල්ලි ශාකයේ ගෙඩි, මුල්, පොතු, අරළු, බුළු, එකට තම්බා උදේ හවස පානය කරන්න.
නෙල්ලි හොඳින් වේළන්න. ඇට ඉවත් කර කුඩු කරගන්න. කෝපි මෙන් පානය කිරීමට ද සුදුසුයි.
මුත‍්‍රා දැවිල්ලට.
අමු නෙල්ලි ඇට ඉවත් කර සූදුරු සම තැඹිලි වතුරට දමා උදෑසන පෙරා බොන්න. උගුරේ ආබාධ, සෙම සිරවීමටත්, වැල්මී සම නෙල්ලි ගෙඩි තම්බා බීම. අමු නෙල්ලි ආහාරයට ගැනීම. ආමාශගත රෝග, වමනය, අක්මාව ආශි‍්‍රත රෝග සඳහාත්, නෙල්ලි ශාකයේ පොතු, සූදුරු, කොත්තමල්ලි සම තම්බා බීම.
නෙල්ලි ශාකයේ කොළ, පොල් දමා මැල්ලූමක් සේ පිසගෙන ආහාරයට ගැනීම. හිසකෙස් රෝග සඳහා අමු නෙල්ලි, අමු කහ හොඳින් අඹරන්න. කොහොඹ තෙල් ස්වල්පයක් එක් කර හිසේ තවරන්න. විනාඩි 45ක් පමණ මසාජ් කර වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් හිස සෝදා හරින්න.
නෙල්ලි ෂැම්පු.
මැටි බඳුනක් ගෙන එයට නෙල්ලි, අමු කහ, සැවැන්දරා මුලක්, සුවඳ කොට්ටං මිශ‍්‍ර කොට එය හොඳින් කොටා රෙදි කඩකින් ගැට ගසන්න. පසුව එය දින 3ක් පොළොවේ යට වළලන්න. 4 වැනි දවසේ කපුටන් හැඬලීමට පෙර ගොඩට ගෙන නැවත හොඳින් පොඩිකර ගන්න. බ්ලෙන්ඩරයෙන් පෙණ එන තෙක් පොඩි කර ගන්න.
පසුව හිසට දමා විනාඩි 45ක් පමණ තබා මසාජ් කර වෙරළු සහ වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් හිස සෝදා හරින්න. මේ ඖෂධය හිසකෙස් සම්බන්ධ ගැටලූ නිරාකරණය කර ගැනීමට, විෂබීජ ඉවත් කිරීමට උදව් වෙයි. මේ ඖෂධයෙන් හමට කිසිදු හානියක් නොවේ.

කාන්තාවන් බහුලව ගොදුරුවන අතේ හිරි ගතියට ආයුර්වේද ප්‍රතිකාර තිබේ ද ?

වර්තමාන සමාජය තුළ කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරු වන රෝගී තත්ත්වයකි අතේ ඇඟිලි ආශි‍්‍රතව සහ අල්ලේ හිරිය.  අතීතයේ විසූ අය සොබා දහමට ඉතා සමීපව ජීවත් වූ අතර එදා මිනිසා තම ආහාරය පිළියෙල කර ගත්තේ ද ස්‌වභාවිකවමය.

අළුත් එළවළු, පලාවර්ග, පලතුරු යනාදිය දෛනික ආහාර වේලට එකතු කරගත් එදා කාන්තාව ආහාර පිළියෙල කිරීමේ දී වුව ද කෘත්‍රීම රසාකාරක භාවිත කළේ නැත.

නමුත් අද ආහාරයට ගන්නේ වසවිසය.

විවිධ කෘතිම රසකාරක වලින් රස කරන ලද ක්‌ෂණික ආහාර වර්ග ද නොයෙක්‌ වර්ණ යොදා වර්ණ ගැන්වූ නොයෙක්‌ බීම වර්ග ද නූතන සමාජය තුළ ඉතා පහසුවෙන් ඉක්‌මණින් ලබාගත හැකි නිසා ඒවා මිල දී ගෙන තම ආහාරය සම්පූර්ණ කර ගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. නීරෝගීකම නොමැති වී නොයෙක්‌ ලෙඩ රෝග හට ගැනීමට මෙය එක්‌ හේතුවක්‌ වන අතර නූතන කාන්තාව අද සිටින්නේ ද දැඩි කාර්යබහුල තත්ත්වයකය. නොනවතින ජීවන අරගලයේ අතිශයින් වෙහෙසට පත්වන්නේ කාන්තාවයි.

මෙම හේතුව නිසාවෙන්දෝ නූතන කාන්තාවන් අතර ඉහත සඳහන් කළ රෝගී තත්ත්වය බහුල වශයෙන් දක්‌නට ලැබෙනවා. ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගෙන් වැඩි පිරිසක්‌ ප්‍රතිකාර ඉල්ලා සිටින්නේ ද මෙම අත්පාවල හිරිය සහ වේදනාව සඳහාය.

මේ අතර අල්ලේ සහ අතේ ඇගිලිවල හිරියට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව ද පෙනී යයි. කාන්තාවන් මෙම රෝගී තත්ත්වයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක්‌ ද දක්‌නට ලැබේ. මෙම රෝගී තත්ත්වයට වැඩි වශයෙන් භාජන වන්නේ වයස 45 – 55 අතර පසුවන්නෝය.

එසේම මෙම වයස්‌ සීමාව කාන්තාවන්ගේ මාසික ක්‍රියාවලිය එනම් ඔසප්වීම නතර වීමට ආසන්න හෝ නරත වූ වයස්‌ සීමාවයි. එබැවින් ආර්තවහරණය වූ කාන්තාවන්ට වැඩි වශයෙන් මෙම රෝග තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවයක්‌ පවතින බව පෙනෙන්නට තිබේ.

ගෙදර ගෘහ පාලිකාවන් හැටියට දෛනිකව ක්‍රියාශීලිව වැඩපලෙ හි නිරත වන කාන්තාවන්ට ද ලිපිකරු, යතුරු ලේකා, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් වැනි වෘත්තීන් හි නියෑලෙන කාන්තාවන්ට ද මෙම රෝග තත්ත්වය වඩාත් බලපෑම් ඇති කරන බව පෙනෙන්නට තිබේ.

රෝගී තත්ත්වය හඳුනාගන්නේ කෙසේද ?

මෙම රෝගයට ගොදුරු වූ අය පවසන රෝග ලක්‌ෂණ වන්නේ ඇඟිලි හිරිය, අත්ලේ හිරිය, ඇඟිලි චලනය කිරීමේ අපහසුතාවය දෑත වෙහෙසා වැඩ කරන විට ඇගිලිවල ඇතිවන වේදනාව ඇගිලි නැවීමේ දිගහැරීමේ අපහසුතාවය, නින්දේදී අත් හා ඇගිලි හිරිවැටීම පුපුරු ගැසීම යනාදියයි.

දිගු කාලයක්‌ මෙම මෙම රෝග ලක්‌ෂණ වලින් පීඩා විඳින රෝගීන් පරීක්‌ෂා කිරීමේ දී පෙනී ගිය වැදගත් කාරණයක්‌ වන්නේ අල්ලේ සහ අතැඟිලිවල ස්‌පර්ශය දැනීමේ සුළු අඩුවීමක්‌ මෙන්ම අත්ලේ මාංශපේශිවල සුළු වැහැරීම් තත්ත්වයක්‌ දක්‌නට ලැබීමයි. මුල් අවස්‌ථාවල දී ඇගිලි කෙළවර හිරිය පසුව ඇතිවන වේදනාව හා ඇඟිලි නැවීමේ දිගහැරීමේ අපහසුතා තව දුරටත් දැකිය හැකි රෝග ලක්‌ෂණ වේ.

ශරීරයෙ හි උද්ගත වන වාත රක්‌ත දෝෂ කෝප තත්ත්ව මත හා එම බලපෑම් ඇති කරනු ලබන ස්‌ථාන පදනම් කරගෙන එක්‌ එක්‌ රෝගීන්ට ඉහත සඳහන් කළ විවිධ වූ ලක්‌ෂණ පහළ විය හැක. මෙම රෝගී තත්ත්වය පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කිරීමක්‌ කරන්නේ නම් අල්ලේ සහ ඇගිලි වල හිරිය මූලික කරගත් රෝග තත්ත්වයන්ට හේතු වන ව්‍යාධිවේදාත්මක කරුණු කීපයක්‌ පැවතිය ද මෙහි දී විශේෂයෙන් සඳහන් කරන්නේ ඉන් එක්‌ ප්‍රධාන කරුණක්‌ පිළිබඳ ව පමණි…

එනම් ශරීරයේ යටි බාහුව ඔස්‌සේ ශාඛා විහිදුවන ස්‌නායුවක්‌ වූ මධ්‍ය බාහුතා ස්‌නායුව (Median nerve ) සම්බන්ධයෙනි. මෙම ස්‌නායුව මැණික්‌ කටුව සීමාවේ දී අතේ පවතින ඛන්ඩරා හා පටක අතරින් ගමන් කෙරේ. මේ සඳහා මැණික්‌ කටු සීමාවේදී අවකාශ ලබා දී ඇත. ශාරිරික වශයෙන් ඇතිවන වාත රක්‌ත ආදී දෝෂ කෝප හේතුවෙන් මැණික්‌ කටු සන්ධියේ ඇති පටක හා ඛණ්‌ඩරාවල ඉදිමුමක්‌ හෝ ඝණවීමක්‌ නිසා මධ්‍යබාහුකා ස්‌නායුව ගමන් කරන අවකාශය පටුවීමෙන් එම ස්‌නායුව පීඩනයට පත්වේ. මෙන්න මේ හේතුව නිසා ප්‍රථමයෙන් සඳහන් කළ රෝග ලක්‌ෂණ පහළ වේ.

බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ශල්‍ය කර්මයකට භාජනය කළ යුතු රෝගයක්‌ ලෙස (carpal tunnel Syndrome) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මෙම මධ්‍යබාහුකා ස්‌නායුව මූලික කොට ගෙන පහල වන රෝග ලක්‌ෂණ සමුදාය ඇසුරු කරගත් පීඩා තත්ත්වයයි.

මෙම රෝගී තත්ත්වය පිළිබඳව ආයුර්වේද ග්‍රන්ථවල රෝග නිධාන හා චිකිත්සා පැහැදිලිව සඳහන් කර ඇත. මේ පිළිබඳව කිව යුතු ඉතා වැදගත්ම කාරණය වන්නේ මෙම රෝග තත්ත්වයෙන් පීඩා විදින රෝගීන් බොහෝමයක්‌ ශල්‍යකර්ම කිරීම සඳහා නැඹුරු වුව ද ශල්‍යකර්මයක්‌ කළ යුතු බවට නිර්දේශ වූ බොහෝමයක්‌ රෝගීන් ශල්‍ය කර්මයකින් තොරව සම්පූර්ණ සුවය ලැබීම ආයුර්වේ ද ප්‍රතිකාරයේ විශිෂ්ඨත්වයයි. වතාවක්‌ ශල්‍යකර්මයකට මුහුණදීමෙන් අනතුරුව වුව ද නැවතත් එම රෝග තත්ත්වයට ගොදුරු වූවන් ද සමාජය තුළ දක්‌නට ලැබේ. එබඳු පුද්ගලයන් ආයුර්වේද ප්‍රතිකාර වලින් සාර්ථක ලෙස සුවය ලබා තිබෙන බව අත්දැකීම් අනුව සඳහන් කළ හැක.

ශල්‍ය කර්මයකට නොගොස්‌ ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම රෝගී තත්ත්වය සුව කළ හැකි බව විශේෂයෙන් කිව යුතුයි. සමහර විට මෙය කියවන ඔබ ද මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ප්‍රතිකාර ලබන අයෙකු විය හැක. එසේ නොමැති නම් මෙවැනි රෝග ලක්‌ෂණ ඔබට ද තිබිය හැක.

කිසියම් කාල සීමාවක්‌ ක්‍රමවත්ව හා විධිමත්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගයෙන් අත් මිදීමට පුළුවන. එසේ සුවය ලැබූ බොහෝ අය වත්මන් සමාජය තුළ දැකිය හැක.

මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ශාරීරික දෝෂ ශෝධනය කිරිමත් දෝස සමනය කිරීමත් ප්‍රථමයෙන් කරනු ලබන ප්‍රතිකාරය වේ.

මෙමගින් ශරීරයේ කුපිත දෝෂයන් සමනය කිරීමට හෝ දොස්‌ ඉවත් කිරීමට වෛද්‍යවරයා කටයුතු කරනු ඇත. මේ සඳහා ආයුර්වේදය අනුගමනය කරන්නා වූ ක්‍රමවේද රාශියක්‌ ඇත. තෙල් ගැල්වීම, විවිධ තැවීම් ක්‍රම, දුම් ඇල්ලීම, ආලේප වර්ග, වමණ ක්‍රියා, විරේක කිරීම, විවිධ බෙහෙත් වර්ග සිරුර අභ්‍යන්තරයට යෙදීම යනාදී ප්‍රතිකාර ක්‍රම යොදා ගැනේ.

මධ්‍යබාහුක නාඩිය පීඩාවට පත්විමෙන් ඇතිවන රෝග තත්ත්වයේදී ද සිරුරේ දෝෂ කෝප තත්ත්වයන් සමනය කිරීම සඳහාත් ස්‌ථානීය පටකවල ක්‍රියාකාරිත්වය ක්‍රමවත්වීම සඳහාත් ඉහත සඳහන් කළ ප්‍රතිකාර ක්‍රමවේද අනුගමනය කරනු ලැබේ.

එක්‌ එක්‌ අවස්‌ථාවේ පවතින දෝෂ කෝප ස්‌වරූපය හොඳින් අවබෝධ කරගත් දක්‌ෂ වෛද්‍යවරයාට සුදුසු ප්‍රතිකාර ක්‍රමවේද භාවිත කිරීම පහසු කාර්යයකි. එබැවින් උචිත ප්‍රතිකාර නිසිලෙස නිර්දේශ කිරීමෙන් මෙම රෝගීන් ශල්‍ය කර්මයකට නොගොස්‌ ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් කළ හැක.

මෙම රෝගය වළක්‌වා ගැනීම සඳහා නිසි ප්‍රතිකාර මෙන්ම රෝගියාගේ පැවැත්ම ද වැදගත් වේ. වෛද්‍ය උපදෙස්‌ මත තම සිරුරට ගැළපෙන ආහාර පාන ගැනීමට පුරුදුවීමත් ජලය හැකි තරම් පානය කිරීමත්, මළ මුත්‍ර බැහැර කිරීම ක්‍රමවත්ව පවත්වා ගැනීමත් පිරිසිදුකම මෙන්ම සිරුරට අවශ්‍ය ව්‍යායාමවල නිරතවීමෙත් මෙම රෝගය වළක්‌වා ගැනීමට ඉවහල් වේ.

විශේෂයෙන් ඕනෑම අයෙකුට තම සෞඛ්‍යමය තත්ත්වය අනුව සිරුරට හිතකර ආහාර පාන පිළිබඳව අවබෝධයක්‌ ඇති කරගෙන ඒ අනුව දෛනික ආහාර සකස්‌ කර ගැනිමෙන් බොහෝ ලෙඩ රෝග වලක්‌වා ගත හැක.

ඔබටත් අතේ, අල්ලේ හෝ ඇඟිලිවල හිරිය ඇඟිලි නැවීමේ අපහසුතාවය වැනි රෝග ලක්‌ෂණ තිබේ නම් ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් විය හැක.

වෛද්‍ය සනත් වික්‍රමසිංහ

ඔරුතොට ආයුර්වේද වෛද්‍ය – පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය


උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි

උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ප‍්‍රබෝධයක්. ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ පානයක් ලබා ගැනීමෙන් ඔබට වාසිදායක ප‍්‍රතිඵල රැසක්ම හිමිවන බව නම් කිව යුතුමයි. එහෙනම් අපි බලමු අ වාසි මොනවද කියල. සම්පුර්ණ ලිපිය කියවන්න.

* ආහාර දිරවීම පහසු කරවයි

මඳ රස්නෙ ජලයත් ඔබේ ආහාර දිරවීමට උපකාර වන අතරම දෙහි යුෂවලටත් ආමාශය පිරිසුදු කරමින් ආහාර දිරවීම පහසු කිරීමේ විශේෂ ගුණයක් පවතියි. දෙහිවල අඩංගු අම්ල ගුණය නිසා ආහාර දිරවීම මෙන්ම ඒවා බැහැර කරවීමද පහසු කරයි.

* සිරුරේ ප‍්‍රතිශක්තිකරණයට උපකාරි වෙයි

පැගිරි සහිත පලතුරක් වන දෙහිවල විටමින් A අන්තර්ගතයි. එය සිරුර අභ්‍යන්තරයේ අම්ල සමග ප‍්‍රතික‍්‍රියා කරමින් ප‍්‍රතිශක්තිකරණය ලබා දෙයි.

* විස නැසීමේ ගුණය

දෙහි යුෂ පානය මුත‍්‍රා පිටවීම පහසු කරවන ඖෂධීය පානයක්. ශරීරයේ ඇති විස ද‍්‍රව්‍ය සෝදා හැරීමේ විශේෂ ගුණයක්ද මෙය සතුයි. මෙහි අඩංගු සිට්රික් අම්ලය මගින් එන්සයිම වර්ධනය කර අක්මාවේ උත්තේජනයක් ඇති කරවයි.

* ශක්තිය ලබා දෙයි

කෝපි පානයෙන් ඇගට ප‍්‍රබෝධයක් ගෙන දෙන බව බොහෝ දෙනා දන්නා මතයක්. එවැනි ප‍්‍රබෝධයක් දෙහි යුෂ පානයෙන්ද ලබා ගත හැකියි. ජලය සමග දෙහි යුෂ මිශ‍්‍ර වී සාදන දියරයෙන් රුධිර සංසරණයටද උත්තේජනයක් ලබාදීම මෙයට හේතුවයි.

* සම පැහැපත් කරයි

නිදන්ගත විජලන රෝග තත්ත්ව නිසා ඔබේ සම අඳුරු පැහැ ගැන්විය හැකියි. නමුත් දෙහි යුෂ පානයකින් දවස ආරම්භ කරන ඔබට නම් මෙය ගැටලූවක් නොවේවි. එහි අඩංගු විටමින් ඛ් ඔබේ සම නිරෝගීමත් කිරීමට උපකාරි වන බවත් කිව යුතුමයි.

පෙනහළු තුළ ඇති සෙම ඉවත්කර කැස්ස සුව කර ගැනිම සඳහා ගෙදරදීම සකසාගත හැකි පානයක්

අද අප ඔබව දැනුවත් කරන්නේ කැස්ස සුව කර ගන්න පුළුවන් බෙහෙත් වට්ටෝරුවක් නිවසේදීම හදා ගන්නේ කොහොමද කියලා.

කැස්ස කියන්නේ නිතර සමාජයේ දක්නට තියෙන සෞඛ්‍ය ගැටළුවක්. දෙසැම්බර් ජනවාරි වගේ සීතල කාලවලදී මේ තත්වය බහුලව දකින්න පුළුවන්. මෙහෙම කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම ඔයාලට මේ ප‍්‍රතිකර්මය ගෙදරදීම අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම මේ පානය බාල මහලූ ඕනෑම කෙනෙකුට කිසිම බයක් නැතිව පාවිච්චි කරන්නත් පුළුවන්.
මේ පානය හදන්න හදන්න ප‍්‍රධාන වශයෙන් යොදා ගන්නේ කැරට්. කැරට් කියන්නේ විවිධ පෝෂ්‍ය ගුණයන්ගෙන් අනුන එළවළුවක්. ඒ වගේම කැරට් අධි රුධිර පීඩනයටත් දියවැඩියාවටත් ඉතාම ගුණදායි ආහාරයක්. ඔයා මේ එළවළු උයල කනවට වඩා ජූස් එකක් විදිහට බොන්න පුලූවන්නම් තමයි වඩා ගුණ දායක. මොකද ජුස් එකක් විදිහට පෝෂ්‍ය කොටස් කොටස් සංකේන්ද‍්‍රණය වීම වැඩි නිසා.
කැරට් වල තියෙන සෞඛය ප‍්‍රතිලාභ

*ප‍්‍රතිශක්තිය වර්ධනය හා හදවත රුධිරවාහිනී පද්දතියේ ක‍්‍රමවත් ක‍්‍රියාකාරිත්වය පවත්වා ගෙන යාම

*ශරීරයේ කොලෙස්ටරොල් මට්ටම අවම කිරීම
*පිළිකා ඇතිවීම වැලක්වීම
*සම මත කුරුලෑ හටගැනීම පාලනය කිරීම විටමින් A බහුල ආහාරයක් වීම( මේ විටමින් ඔයාට පැහැපත් සමක් ලබාදෙනවා)

*සිරුරේ කැල්සියම් අවශ්‍යතාවය සපුරාලීම
*ආහාර ජීරණය පහසු කරවීම
දැන් අපි බලමු මේ කැරට් පානය හදාගන්නේ කොහොමද කියල
උවමනා දේවල්

කැරට් කිලෝ භාගයයි
පිරිසිදු මී පැණි මේස හැදී 4ක්
ජලය

සකස් කර ගන්නා ආකාරය

මුලින්ම කැරට් ටික හොදින් පිරිසුදු කරගෙන කුඩා කෑලි වලට කපාගන්න ඕන.

ඊට පස්සේ කැරට් කැලි මෙලෙක් වෙන තරමට තම්බ ගන්න ඕන. තම්බ ගත්තු වතුර ටික විසි කරන්න එපා
එහෙම තම්බගත්තු කැරට් කෑලි ටික අරන් බ්ලෙන්ඩර් එකකට දාල ජුස් එක හදාගන්න ඕන.
ඊළ ට අපි කලින් කැරට් තම්බන්න ගත්ත වතුර ටික කෝප්පයකට දාල ඒකටම මී පැණි ටිකත්
එකතු කරගන්න.

දැන් අපි හදාගත්ත කැරට් තලපය ඒකට එකතු කරගෙන හොදට කවලම් කරගන්න.
ඔන්න අපි කැස්ස සුවකර ගන්න පුළුවන් කැරට් පානය හදාගෙන ඉවරයි. අපි හදාගත්ත මේ පානය ශිතකරණයක තියන්න අමතක කරන්න එපා.ඔයා හැමදාම මේ පානයෙන් මේස හැඳි 3ක් හෝ 4ක් බොන්න ඕන. දවස් 2ක් ඇතුලත ඔයාට සහනයක් ලැබේවි. මේ බේත ඔයාගේ පෙනහළුවල තියෙන සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් ලොකු සහනයක් ගෙන දෙවි .
අනිත් දේ තමයි ඔය ගෙදරදීම හදාගන්න මේ බෙහෙත වෙනත් බෙභෙත් වට්ටෝරු හා ඖෂධ වලට වඩා ආරක්ෂාකාරී වගේම අතුරු ආබාධ වලින් තොරයි . ඔයාගේ වටිනා කාලය මේ වාර්තාව කියවන්න වැයකලාට ගොඩාක් ස්තුතියි. මේ දැනුම ඔයා ආදරය කරන යාළුවන් එක්ක වගේම පවූලේ අය එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

දින 2න් සුදු වෙන්න පහසුම මග මෙන්න. නිවසේදීම සදා ගත හැකි වට්ටෝරුව

අපේ කෙල්ලෝ මාරම ආසයිනේ ලස්සන වෙන්න සුදු වෙන්න. ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන්. අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්නම් ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය.


තෙල් සහිත සමකට නම්

කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි සමාන ප‍්‍රමාණයෙන් ගෙන එයට කිරි පිටි මේස හැඳි එකක් සහ දෙහි බින්දු කිහිපයක් දමා මිශ‍්‍ර කරගන්න.

වියළි සමකට නම්

කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු කුඩු කර, රතුහාල් පිටි සමව ගෙන කෝමාරිකා යුෂ, යෝගට් එක් කොට මිශ‍්‍රකර ගන්න.

සාමාන්‍ය සමකට නම්

කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු පිටි, සුදු හාල් පිටි, කුරක්කන් පිටි, කස්තුරි කහ කුඩු ආදිය සම ප‍්‍රමාණයෙන් ගෙන එළකිරි, මී පැණි, යෝගට්, දෙහිබින්දු කිහිපයක් හා අයිස් වතුර ස්වල්පයක් දමා මිශ‍්‍රණය සාදා ගන්න.

පැක් එක දමා ගන්නා ආකාරය

*ඔබේ සමට ගැළපෙන සේ සකස් කරගත් පැක් එක මුහුණේ උඩු අතට ගනව සිටින සේ බුරුසුවකින් ආලේප කරන්න.
*විනාඩි 20ක් පමණ එය වියළෙන්නට හැර එළකිරි හෝ පිටිකිරි ස්වල්පයක් දියකර බුරුසුවක ආධාරයෙන් මුහුණේ ආලේප කර ඇති පැක් එක මත තවරන්න.
*නැවැත විනාඩි 15ක් හෝ 20ක් එය මුහුණේ තබා වියළුණු පසු අයිස් වතුර පෙගවූ ස්පොන්ජ් කැබැල්ලකින් මුහුණ තෙත් කරන්න.
*ගැල් වූ ආලේප අයිස් වතුරෙන් හොඳින් පෙගුණු පසු ස්පොන්ජ් කැබැල්ලෙන්ම එය ඉවත් කරන්න.
*ටිෂූ කැබැල්ලක ආධාරයෙන් මුහුණ හොඳින් තෙත මාත්තු කරගන්න.
*සාදාගත් ටෝනර් එක පුළුන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න.

ටෝනර් සාදා ගන්නා ක‍්‍රම කිහිපයක්

*රතු රෝස පෙති පිරිසුදු වතුර වීදුරුවකට දමා රාත‍්‍රියේ වසා තබන්න. පසුදා උදෑසන එය පෙරා භාවිතයට ගන්න.
*පිපිඤ්ඤ බ්ලෙන්ඩර් කර පෙරා ඉස්ම ගන්න.
*සමන් පිච්ච මල්, ස්පාලිකා මල් පිරිසුදු වතුර වීදුරුවකට දමා රැයක් පෙගෙන්නට තබා පසුදා උදෑසන පෙරා ගන්න.

මේ සියල්ල ශීතකරණයක දමා දවස් 5ක් පමණ කල් තබා ගත හැකිය. එසේ කිරීමට අපහසු නම් අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් සාදා ගන්න.

මේ සත්කාරය කිරීමෙන් පසු හිරු රශ්මියට නිරාවරණය වීමෙන් හැකිතාක් අවම කරගන්න. එසේ නොමැති නම් හිරු කිරණින් සම ආරක්‍ෂා කරන ආලේප වර්ගයක් සමග මතුපිට ආලේප කරන්න.

මෙම ප‍්‍රතිකාර උදෑසන 7-11 අතර හා සවස 2 – 5 අතර කරන්න. එසේ නොමැති නම් වඩාත් සුදුසු වන්නේ රාත‍්‍රි කාලයයි.

මේ සත්කාරය කිරීමෙන් පසු එදින රාත‍්‍රියේ සහ පසුදා උදෑසන සබන් නොයොදා අයිස් වතුරෙන් පමණක් මුහුණ සෝදන්න.

සෙම බහුල අයෙක් නම් මඳ රස්නය ඇති ජලය පමණක් භාවිත කරන්න.

ඊට පසුදින සවස් වූ විට ඔබට සුපුරුදු පරිදි මුහුණ සේදීම කළ යුතුය. ස්වාභාවික සත්කාර කළ පසු නැවැත සති 2ක් යනතෙක් ස්ක‍්‍රබ් කිරීම හෝ ෆෙෂල් කිරීම එතරම් සුදුසු නැත.

මෙහි ප්‍රතිපල නිවැරැදිව දැකිය හැක්කේ දවස් 2ක් පමණ ඉක්ම ගිය පසුය.